Monday, November 8, 2010

නාට්‍ය යනු මෝඩයන්ගේ කලාවක් ද?

කොහොමද ඔයාලට මං හිතනවා අදත් වෙනදා වගේම ලස්සන දවසක් කියලා. අපේ එකම අරමුණ ඔයාලගේ ජීවිතේ ලස්සන කරන එක. අද අපේ ලස්සන ජිවිතයෙන් තවත් ලස්සන දවසක් ​ගෙවිලා යනවා. ඒ නිසා මං ඔයගොල්ලන්ට මගේ ඉස්සෙල්ලම බ්ලොග් එක හෑටියට නාට්‍ය කලාව ගැන ලියන්න හිතුවා. මොකද අද හුග දෙනෙක් හිතන් ඉන්නේ නාට්‍ය කලාව මෝඩයන්ගේ කලාවක් කියලා.

ඒගොල්ලෝ කියන්නේ නාට්‍ය කියන්නේ මොකක්වත් දන්නේ නැති අයගේ කලාවක් කියලා. ඒත් ​​​​​​​​​​මෙ ගැන දැන ගත්තාම එහෙම කියන එකක් නෑහෑ. අපේ ජීවිතයත් ලස්සන ​​​වෙයි. නාට්‍යය කලාව ගොඩක් ගැඹුරැ කලාවක්.​නාට්‍යයක් කියන්නේ මොකක්ද කියලා දැන ගන්න කැමති අය මෙතනින් යන්න.

නාට්‍ය කලාව එක විෂයකට විතරක් පොදු විෂයක් නෙමෙයි.මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය,සමාජ විද්‍යාව, දර්ශනය විතරක් නෙමෙයි ගණකාධිකරණය, කළමනාකකරණය,​භොතික​ විද්‍යාව, රසායන විද්‍යාව, .ගණිතයත් ඈතුළත් වෙනවා. මීට අමතරව මනෝ විද්‍යාව ඔයගොල්ලන්ගේ හිතේ තියෙන නොසන්සුන්කමට විභාග ළං වුණාම එන භයට එහෙම හොද බෙහෙතක්.

ඔයගොල්ලන්ට කඩිසරව වැඩ කරන්න හික්මීමක් ඈතුව වැඩ කරන්න ඒ වගේම පොරැෂ වර්ධනය කරන්නත් නාට්‍ය කලාව වැදගත්.

මං නාට්‍ය කලා​වෙ සිද්ධාන්තමය හා practicallly වැදගත්කම ගැන මගේ ඊළග ලිපියෙන් කියලා දෙන්නම්
 
 මට කියලා එවන්න ඔයගොල්ල මොකද නාට්‍ය කලාව ගැන හිතන්නේ කියලා පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ ලියලා එවන්න


ජය වේවා